Tuesday, December 31, 2013
Monday, November 25, 2013
සිව් වසරක ඇවෑමෙන්
නිමා වූ දා වෙඩි හඬ
ලක් දෙරණේ සතර අත,
ජයඝොෂ පැතිරුනේ ....
නිවී ගිය දා යුධ ගිණි
කිරිබත් පිසිනු කියා,
වීදි අතර පවා ලිප් ගිණි මෙලවුණේ ....
ගම් නියම් ගම් පාසා
" අපි ඔබ සමගයි "
ලොකු අකුරින් හැඩ වුනේ ....
දෙපා අවසඟ මුත්
දැයක සතුට හමුවේ,
නැහැ මට, මං ගැන දුකක් දැනුනේ ....
සිව් වසරක ඇවෑමෙන්
ගම - රට යන්න සිතා
ගොඩ වූ බස් රථයේ,
හිඳ ගන්නට නැහැ අසුනක් ලැබුනේ ....
එදා යුද පිටියේ
ඉහිරුනු රතු ලේ ගැන,
තවමත් නැහැ දුක දැනුනේ ....
තරහක් නැති හිත පතුලේ
බුදු හිමි දෙසූ,
"අනිත්‍ය" යයි සිහියට නැගුනේ ....
සඳරු
Friday, October 25, 2013
බොඳව ගිය වියත් සිහිනය ...
ගඩොලින් නිමකල රෝමය
ගඩොලින් නොව, කිරිගරුඬින් නිමකලැයි
උදම් ඇනූ,
ඔගස්ටන් අධිරාජ්‍යාට වඩා
යම් දිනෙක ..
නිදහස් අධ්‍යාපනයේ පහස ලබන
ලාංකිකයාට හැකිවෙතැයි
නිහතමානීව ආඩම්බර වූ
නිදහස් අධ්‍යාපනයේ පියාණෙනි ....
නුඹ සිටියානම් අද,
දැනෙනු ඇත ..
තරඟකාරී ව්‍යාපාරික ලොව තුල
අලෙවි අධ්‍යාපනය මත
හඬා වැටෙන සිසු හදවත්
කම්පාවන රාවය ....
කේ. තාරකා මධුමාලි
Thursday, October 24, 2013
වෙනස
එදා,
ඔවුන් අපෙන්
ඉල්ලුවේ
අප සතු වටිනාම දෙයක්
අප ඉදිරියේ දණින් වැටී ….
ඒ දණ නැමුනේ
එක් වරක් පමණි.
එහෙත් අද,
ඉල්ලා ගන්නට යමක්
ඔවුන්ගෙන් ....
යදින්නට වී ඇත
සියදහස් වාරයක් ....
ඔවුන් ළග
දණින් වැටි වැටී ....
එන්. නිම්න පෙරේරා
Wednesday, October 23, 2013
අඳුර විනිවිද ...
Wednesday, October 16, 2013
තෙරෙන් එතෙර සමාධියක් !
සතුට සැනසීම මියැදී
සිතට සහනය අයදී ...
නොමැත සෑහීමක්
දිවෙන තුරු සසර ...
ලැබේනම් වරයක්
නිරතුරු අයදිමි
මට, තෙරෙන් එතෙර සමාධියක් !
කේ තාරකා මධුමාලි
වෙනස් වන ප්‍රේමය ..
දිනා නුඹේ ප්‍රේමය
මා නුඹට පෙම් කරයි ...
ලද මොහොතක් පාසා
නුඹ මා හා කතා කරයි ...
මා සිත සෙනෙහේ පුරවා
පෙම් සයුරේ කිමිදෙයි ...
හැම තත්පරයක් පාසා
" ඔය රුව සිහි වෙනවා " පවසයි ...
තුන් මසකට ආලය පරණ වෙලා
සිතුවිලි ඇත මගෙ, ගොඩ ගැසිලා
කතා අඩුයි - නුඹ ළගට නොඑයි
වරදක් වුනි නම් කියා දෙන්න මට
... මගේ සොදුරියේ ..
හමු උනත් ඉදහිට ඈ, දැන් කතා අඩුයි
පමා වෙයි කියා, ආ විගසින්ම යයි
පෙර මෙන් ආල කථා නොඇසෙයි
කියා දෙන්න වෙනස් උනු කරුණ කිමැයි
... මගේ සොදුරියේ ..
මුණ නොගැසෙයි මා මඟ හැර යයි
යන එන තැන් ඇසූ විට ඇස් රතු වෙයි
සිත රිදවන, දැන් කරුණු ගොඩයි
ඈ, මා හැර යාදෝ කියා සිතෙයි
එච්.එච්. සසිත දේශාන්Sunday, October 13, 2013
වෙනස් වෙලා නුඹ
දෙතනේ උණු ලේ කිරි කර දී
නුඹ මිනිසෙකු කලාට ...
උණුසුම දී
නිති රැක්කාට ...
දෙනෙත වගේ
සෑම මොහොතකදී
ඔබ රැක්කාට ...
වින්ද නොවින්ද දුක් දිවියෙහි
ඔබේ නමට කැප කෙරුවාට
අදහනු බෑ .. වාවනු බැ..
පුත,
වෙනස් වෙලා නුඹ හරියට ...
එන් තිසරි පෙරේරාළමාවිය සුන්දරයි ..
ගණිතය , සිංහල , කලා , වාණිජ්‍ය ආදී
විෂය පොත් පත් අතට ගෙන
බිත්ති හතරට කොටු වී
දිවි ගෙවන අපේ ජීවිත
කෙබඳුද ?
වීර පැරකුම් , ගැමුණු රජ මෙන්
හෙළ දිනන මහා කලා නිපැයුම්
පන්හිඳෙන් කල වීර දස්කම්
කරන්නට බැහැ කෙසේ සිතුවත්
සතුට , සොම්නස සමඟ සපිරුණු
කෙලිලොලින් පිරි අපේ ජීවිත
බටහිරින් බැස යන හිරු මෙන්
නොදැනීම සොරෙන් නික්මෙයි ...
පන්හිඳෙන් කොලයක් අතට
වැල් පුටුව මත වාඩි වී
ළමා විය සුන්දරයි යැයි
පද වැල් ගොතමි
එය පමණයි කල හැකි
එකම දේ ...
එන් තිසරි පෙරේරා
පෙම්වතියකගේ සිතිවිල්ල ....
අහිමි ආදරේ
පිදූ ප්‍රේමය හදේ රඳවා
ඔබේ වෙන්නයි සිහින මැව්වේ ...
සිහින සිතුවම් පාට බොඳ කර
වෙන්ව යන්නට ඇයිද සිතුවේ ...
පැමිණියත් දහසකුත් බාධා
ඔබ හැර නොයන්න නිතර පැතුවේ ...
පුංචි හිතකට දුකක් දෙන්නට
ඇයිද ඔය හිත කුරිරු වූයේ ...
පැතුම !
අහිමි ඔබ ගැනම නිතර සිතුවත්
අහිමි බව නොදැනුනා නොවෙයි
නමුත් මතුදින නැවත එනවද
අහිමි උන ආදරේ අරන් ...
ඉශානි
Subscribe to:
Posts (Atom)