Pages

Wednesday, October 23, 2013

අඳුර විනිවිද ...

_MG_2238
කාලයටත් හොරෙන්
ලෝකය පියාඹන
විපරීත ලොවක - අපි තවමත්
ලොවෙන් බොහෝ ඈත ...
ලෝකය සොයා යන්නට
මගට පිළිපන් අප හට
එරෙහි වී ඇත,
දුප්පත්කමේ ඝණදුර ....
අවැසි මුත්
අඳුර විනිවිද යන්නට,
දහසක් වැටකඩොළු ඇත
නිදහසේ මග වට කර ....
තුරු හෙල් - කඳු බෑවුම්
හතර අත ඇවිද ..
කවදා ,
යන්නට හැකි වේවිද ?
අඳුර විනිවිද ....

                                                                     සඳරු

2 comments:

  1. සදරු,

    ලස්සන නිර්මාණයක්. සමාජ යථාර්තයක් ලස්සනට පද කීපයකට ගලපලා තියෙනවා. මේ දේවල් ගැන සංවාදයන් ගොඩනැගෙනවානම් හොදයි කියන එකයි මගේ අදහස නම්

    ඔබේ කමෙන්ටු ලබා ගැනීමට පෙර යොදා ඇති ගැජට්ටුව ඉවත් කරන්නේ නම් අපට හරිම පහසුයි.

    කාංචනා චන්ද්‍රසේකර

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් වලට බොහොම ස්තුතියි ..! ඔය විදිහට නිර්ලෝභීව අදහස් ප්‍රකාශ කිරීම අපිට ලොකු ශක්තියක්. ඒ අදහස් අපිව තවත් දිරිමත් කරනවා.
      අපේ අඩවියට ගොඩ වැදීම පිළිබඳවත් අපේ ප්‍රණාමය ..!

      Delete

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ