Pages

Wednesday, October 16, 2013

වෙනස් වන ප්‍රේමය ..

___1_~1

 

දිනා නුඹේ ප්‍රේමය

          මා නුඹට පෙම් කරයි ...

ලද මොහොතක් පාසා

          නුඹ මා හා කතා කරයි ...

මා සිත සෙනෙහේ පුරවා

          පෙම් සයුරේ කිමිදෙයි ...

හැම තත්පරයක්  පාසා

          " ඔය රුව සිහි වෙනවා " පවසයි ...

 

තුන් මසකට ආලය පරණ වෙලා

සිතුවිලි ඇත මගෙ, ගොඩ ගැසිලා

කතා අඩුයි - නුඹ ළගට නොඑයි

වරදක් වුනි නම් කියා දෙන්න මට

    ... මගේ සොදුරියේ ..

 

හමු උනත් ඉදහිට ඈ, දැන් කතා අඩුයි

පමා වෙයි කියා, ආ විගසින්ම යයි

පෙර මෙන් ආල කථා නොඇසෙයි

කියා දෙන්න වෙනස් උනු කරුණ කිමැයි

      ... මගේ සොදුරියේ ..


 

මුණ නොගැසෙයි මා මඟ හැර යයි

යන එන තැන් ඇසූ විට ඇස් රතු වෙයි

සිත රිදවන, දැන් කරුණු ගොඩයි

ඈ, මා හැර යාදෝ කියා සිතෙයි

                                                                           එච්.එච්. සසිත දේශාන්

No comments:

Post a Comment

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ