Pages

Sunday, October 13, 2013

ළමාවිය සුන්දරයි ..

Fotolia_42671287_S


ගණිතය , සිංහල , කලා , වාණිජ්‍ය ආදී

විෂය පොත් පත් අතට ගෙන

බිත්ති හතරට  කො‍ටු වී

දිවි ගෙවන අපේ ජීවිත

කෙබඳුද ?

වීර පැරකුම් , ගැමුණු රජ මෙන්

හෙළ දිනන මහා කලා නිපැයුම්

පන්හි‍ඳෙන් කල වීර දස්කම්

කරන්නට බැහැ කෙසේ සිතුවත්

සතුට , සොම්නස සමඟ සපිරුණු

කෙලිලොලින් පිරි අපේ ජීවිත

බටහිරින් බැස යන හිරු මෙන්

නොදැනීම සොරෙන් නික්මෙයි ...

පන්හි‍ඳෙන් කොලයක් අතට

වැල් පු‍ටුව මත වාඩි වී

ළමා විය සුන්දරයි යැයි

පද වැල් ගොතමි

එය පමණයි කල හැකි

එකම දේ ...

                                                       එන් තිසරි පෙරේරා  

No comments:

Post a Comment

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ