Pages

Friday, October 25, 2013

බොඳව ගිය වියත් සිහිනය ...

773070-bullying-school-sad-student-depressed

ගඩොලින් නිමකල රෝමය
ගඩොලින් නොව, කිරිගරුඬින් නිමකලැයි
උදම් ඇනූ,
ඔගස්ටන් අධිරාජ්‍යාට වඩා
යම් දිනෙක ..
නිදහස් අධ්‍යාපනයේ පහස ලබන
ලාංකිකයාට හැකිවෙතැයි
නිහතමානීව ආඩම්බර වූ
නිදහස් අධ්‍යාපනයේ පියාණෙනි ....
නුඹ සිටියානම් අද,
දැනෙනු ඇත ..
තරඟකාරී ව්‍යාපාරික ලොව තුල
අලෙවි අධ්‍යාපනය මත
හඬා වැටෙන සිසු හදවත්
කම්පාවන රාවය ....

                                                                    කේ. තාරකා මධුමාලි

No comments:

Post a Comment

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ