Pages

Monday, November 25, 2013

සිව් වසරක ඇවෑමෙන්















නිමා වූ දා වෙඩි හඬ
ලක් දෙරණේ සතර අත,
ජයඝොෂ පැතිරුනේ ....
නිවී ගිය දා යුධ ගිණි
කිරිබත් පිසිනු කියා,
වීදි අතර පවා ලිප් ගිණි මෙලවුණේ ....
ගම් නියම් ගම් පාසා
" අපි ඔබ සමගයි "
ලොකු අකුරින් හැඩ වුනේ ....
දෙපා අවසඟ මුත්
දැයක සතුට හමුවේ,
නැහැ මට, මං ගැන දුකක් දැනුනේ ...
.


සිව් වසරක ඇවෑමෙන්

ගම - රට යන්න සිතා
ගොඩ වූ බස් රථයේ,
හිඳ ගන්නට නැහැ අසුනක් ලැබුනේ ....
එදා යුද පිටියේ
ඉහිරුනු රතු ලේ ගැන,
තවමත් නැහැ දුක දැනුනේ ....
තරහක් නැති හිත පතුලේ
බුදු හිමි දෙසූ,
"අනිත්‍ය" යයි සිහියට නැගුනේ ....

                                                                                        සඳරු                     

No comments:

Post a Comment

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ