Pages

Wednesday, October 9, 2013

නළඟනක වූ ඈ

DancingGirl-300x300
 එදා
ප්‍රථම ප්‍රේමය ඉදිරියේඅවිහිංසක පෙම්වතියක් විය
ඔහුගේ බසට අවනත ....
නිරුවත් විය,
ප්‍රේමයේ මායාව ඉදිරියේ ...
පෙම් කල නිසා,
දිවි දෙවෙනි කොට ....

අද
දෛවය ඉදිරියේ
වරදකරුවෙකු වී ඇත
සල්ලාළයෙකුට පෙම් කල වරදට ....
ඉරණම විසින්
තීන්දු කරන ලදි,
දඬුවම ....
පාපතර මිනිසුන්
සනසනු වස්,
සෙනෙහස මිල කර
ශරීරය පුද කර
දිවි ගෙවන ලෙස ....
තුරුණු රූ සපුව
ගිජු දෑස් පිනවන තෙක්ම ....


                                                                සඳරු

No comments:

Post a Comment

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ