හිරු කුමරු එබී බලද්දී
තුෂර බිඳුවෙන් ගත දොවාගෙන
විකසිතව සිනාසෙන
සොඳුරු සෙව්වන්දියේ ….
සීතල මදනල හා මුසුව
මා වටා දැවටෙන
නුඹේ නැවුම් බව පිවිතුරුය ….
කොපුල් සිපගනු පිණිස
නුඹේ මුවට ලං වෙත්ම
මා සිත් පුබුදු කළ
මිහිරක තරම සිතින් විඳිමි ….
නෙත් කොනින් මා දෙස බලා
සිනාසෙමින් ඉඟි කරන
නුඹ දකින සැමවිට
මා හද ආලෙන් පිරෙයි ….
ඒත්,
ලොවක් නිවා සැනසෙන දහමට එක් වී
විඩාබර වූ හිරු රැස් ගිලිහී යද්දී
මුව පහසින් නොකිලිටි වූ
නුඹේ සියුමැලි පෙති එකිනෙක
මිහිමඬල සිප ගනිද්දී
නුඹ මා තනිකර යන වග,
මා කෙසේ සිතන්නද සොඳුරියේ …
එන් තිසරි පෙරේරා
No comments:
Post a Comment
එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ