Pages

Tuesday, December 31, 2013

යථාර්තය එයමද ?

 

සඳ එන බව දැන
කිමද නුඹ
රන්දම් ගොතන්නේ හනික,
දනිමි හද නුඹේ
එනමුත් කිම් කරම්ද,
සිටී නම් රුදුරු රුපුසෙන්
වටා සඳ හා නුඹ අතර ....
ලොවම සතු වූවද
හද සොවින් පෙළෙන්නේ
සඳ ළග නැති නිසාද ?
තරු ‍රැජිනට  සිතින් පෙම් බඳින
ආදරණීය හිරු රජුනි
දකුනි මැන යථාර්තය
සඳ හා නුඹ එක් නොවන වග
කිසිදා ....

                                                           ජයනි අත්තනායක  

4 comments:

  1. Replies
    1. ඔබේ අගය කිරීමට ගොඩා..ක් ස්තූතියි !!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සඳරු මුලින් ම සමාව ඉල්ලන්න කැමතියි.
    ඒ ඔබ අපේ ළගම සහෘදයෙක් වෙලත් අපි ඔබව නිවැරදිව හදුනා නොගැනීම ගැන. අනික තමයි ඔබේ අඩවියට එන්න අපි මෙච්චර පරක්කු වුණ එක ගැන. හැබැයි මං හිතනවා මම (තුෂාර විතාරණ) කාර්යබහුල වෙලා හිටපු පහුගිය මාස කිහිපයේ අපේ කුරුටු ගෑ පවුර මෙහෙයවූ කාංචනා චන්ද්‍රසේකර මේ අඩවිය පැත්තට එන්නට ඇති..........

    දෙවැනි දේ තමයි ඇයි මේ තරම් සුන්දර බ්ලොගයක් අතහැරලා දාලා තියෙන්නේ. මුලු අඩවිය පුරාම ගියා. හරිම සුන්දරයි සඳරු. විශේෂයෙන් ම කවි බ්ලොගයක්. අපි ඔබෙන් ඉතා උවමනාවෙන් එකම එක දෙයක් ඉල්ලන්න කැමතියි. හැකි ඉක්මනින් මේ අඩවියට නැවතත් පණ දෙන්න. ඔබ නිතර ම බ්ලොග් සගයින් සමග ඉන්නවා. නමුත් අඩවියට අලුත් කවි එකතු කරන්නෑ. හිතන්න අමාරුයි. මොකක් ද ගැටළුව.................. මං හිතන්නේ අපිට කතා කරන්න වෙන තරම් දෙයක් මෙතන තියෙනවා නේද????

    ReplyDelete

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ