Sunday, October 13, 2013
Wednesday, October 9, 2013
සිතුම්
පවන සුවසේ විඳින ගහකොළ
මනස රිසි සේ දිවෙන මං තල
සුවය ගෙන දෙන පහන් සිතිවිලි
සුවඳ නොදී මිලිනව .....
තුෂර බිද වේද ගිම්හානයට
සුවය ගෙන දෙන තුරු සෙවන
දුසිත් විකසිත මනුලොව
සිනහ හසරැලි මවන්නට .....
කේ තාරකා මධුමාලි
මනස රිසි සේ දිවෙන මං තල
සුවය ගෙන දෙන පහන් සිතිවිලි
සුවඳ නොදී මිලිනව .....
තුෂර බිද වේද ගිම්හානයට
සුවය ගෙන දෙන තුරු සෙවන
දුසිත් විකසිත මනුලොව
සිනහ හසරැලි මවන්නට .....
කේ තාරකා මධුමාලි
සෙව්වන්දියේ ….
හිරු කුමරු එබී බලද්දී
තුෂර බිඳුවෙන් ගත දොවාගෙන
විකසිතව සිනාසෙන
සොඳුරු සෙව්වන්දියේ ….
සීතල මදනල හා මුසුව
මා වටා දැවටෙන
නුඹේ නැවුම් බව පිවිතුරුය ….
කොපුල් සිපගනු පිණිස
නුඹේ මුවට ලං වෙත්ම
මා සිත් පුබුදු කළ
මිහිරක තරම සිතින් විඳිමි ….
නෙත් කොනින් මා දෙස බලා
සිනාසෙමින් ඉඟි කරන
නුඹ දකින සැමවිට
මා හද ආලෙන් පිරෙයි ….
ඒත්,
ලොවක් නිවා සැනසෙන දහමට එක් වී
විඩාබර වූ හිරු රැස් ගිලිහී යද්දී
මුව පහසින් නොකිලිටි වූ
නුඹේ සියුමැලි පෙති එකිනෙක
මිහිමඬල සිප ගනිද්දී
නුඹ මා තනිකර යන වග,
මා කෙසේ සිතන්නද සොඳුරියේ …
එන් තිසරි පෙරේරා
නළඟනක වූ ඈ
එදා
ප්රථම ප්රේමය ඉදිරියේඅවිහිංසක පෙම්වතියක් විය
ඔහුගේ බසට අවනත ....
නිරුවත් විය,
ප්රේමයේ මායාව ඉදිරියේ ...
පෙම් කල නිසා,
දිවි දෙවෙනි කොට ....
අද
දෛවය ඉදිරියේ
වරදකරුවෙකු වී ඇත
සල්ලාළයෙකුට පෙම් කල වරදට ....
ඉරණම විසින්
තීන්දු කරන ලදි,
දඬුවම ....
පාපතර මිනිසුන්
සනසනු වස්,
සෙනෙහස මිල කර
ශරීරය පුද කර
දිවි ගෙවන ලෙස ....
තුරුණු රූ සපුව
ගිජු දෑස් පිනවන තෙක්ම ....
සඳරු
Subscribe to:
Posts (Atom)